ගී පද
තව එකම එක වරක් පරදින්න දිනුම දී
දිනවන්නෙම් ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක් දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා.......//
ඔබ දුටුව මුල්ම දිනේ
හද බැඳුණු තුරුණු මා සෙනේ
බිඳලන්න බෑ ප්‍රියේ කිසිදා
එනිසයි හදේ වේදනා......
තව එකම එක වරක්.......
ආවාද වෙනව මා ගත්
සමුගන්න බෑ සෙනෙහේ සිතින්
සිඳලන්න වේදනා මහදේ
ඔබටයි මගේ ආදරේ.......
තව එකම එක වරක්.......