තව දවසක් හමු වීthawa dhawasak hamu wii

Thawa Dawasak Hamu Wee

ගී පද

තව දවසක්
හමු වී..
ඉමු මේ භවේ ‍…
එක සැරයක් දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ ‍…
තව දවසක්
හමු වී..
ඉමු මේ භවේ ‍…

මදපවනේ
මුසු කෙරුවේ
යළි නොඑනා
මතක අපේ ‍…
නිදි පැදුරේ
ගෙවන පැයේ..
සිහි කෙරුවා
සුවඳ ඔබේ ‍…ජිවිතේ.. පාළුයි මගේ ‍…

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ ‍…
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ ‍…

තරු දෙවැටේ
පිපෙන සඳේ ‍…
දුක වැඩලා
ලොවට අපේ ‍…
කිරි සයුරේ
මුතු පතුලේ ‍…
සැඟව ගියා
මැණික මගේ ‍…ආදරේ ‍…ගීයක් වගේ ‍….

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ ‍…
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ ‍…
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ ‍….
තව දවසක්
හමු වී ‍… ඉමු මේ භවේ ‍….