ගී පද
තටු සලා යන්න නම් අවකාශයේ
රැකවරණයෙන් මිදී මා ප්‍රිය ලොවේ
අතරමං වෙන්න වෙයි නොදුටු ලොවේ
ඉගිලෙන්නෙපා තනිවෙන්නෙපා මේ ජීවිතේ...//
හදවත් බිඳී රිදුණා කියා
කඳුලැල් සලා ලත වෙන්නෙපා//
දිලෙනා සියල් රන් යයි සිත
ලෝභ වේ සිතේනම් රැවටෙන්නෙපා...
තටු සලා යන්න...
හමු වී දොඩා සිත සැනසිලා
වෙන් වී කෙසේද එන්නේ යලි//
දිලෙනා සියල් රන් යයි සිත
ලෝභ වේ සිතේනම් රැවටෙන්නෙපා...
තටු සලා යන්න...