ගී පද
(තාත්තා වුණත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...//)
මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්
බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ
(තාත්තා වුණත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...//)