තාත්තා (මුල්ම අඩිය තියන්න)thaaththaa (mulma adiya thiyanna)

Thaththa (Mulma Adiya Thiyanna)

ගී පද

මුල්ම අඩිය තියන්න අත දුන් තාත්තා 
අපා දුක විඳලා අප හැදූ වැඩූ තාත්තා 
හැම දුකක්ම හංගා හිනැහුණු තාත්තා  
හැබැහින් දැකපු දෙවියෙක් මට මගේ තාත්තා

පාන්දරම ගෙදරින් පිට වෙන තාත්තා
අඳුරත් අරන් ආපහු ගෙට එන තාත්තා
කෑවේ බත්පතත් අපි කෑවද අහලා 
කොහොමද වින්දේ ඔච්චර දුක් ඔබ උහුලා

නොඑනා ගමන් මගේ කර උඩ ඔබ යද්දී 
දෙපයත් වෙව්ලුවා තාත්තේ මගේ මගදී 
ඇස් දෙක රිදෙනවා හඬලම ඔබ සිහි වී 
අම්මා වගේ මතු බුදු වෙයි ඔබ සසරේ 

අන්තිම පස් පිඬත් ඔබේ සොහොනට දාලා 
කොහොමද ගෙදර යන්නේ ආපහු හැරිලා 
තිස්තුන් කෝටියක් දෙවියොත් දුක දැකලා 
අහසත් ගොරවලා මහ හයියෙන් හැඬුවා 

මුල්ම අඩිය තියන්න අත දුන් තාත්තා 
අපා දුක විඳලා අප හැදූ වැඩූ තාත්තා 
හැම දුකක්ම හංගා හිනැහුණු තාත්තා  
හැබැහින් දැකපු දෙවියෙක් මට මගේ තාත්තා///