තාත්ත මට ඇනපු ටොක්කthaaththa mata aenapu tokka

Thaththa Mata Anapu Tokka

ගී පද

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
දෙවියන් වඳිනා දෑතින් දෙපා වදින්නම් තාත්තේ

ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා 
කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා 
අහුවුණා ම බේරෙන්නට කිව්වම බොරු ගොතලා 
දුන්නේ නැද්ද කණ පැලෙන්න කෙන්න්තියෙන් බැනලා...

එදා මට පෙනුණෙ ඔබව.../

සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා 
පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති රීති දමලා 
අතපසුකම් උණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා 
කෑ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා...

එදා මට පෙනුණෙ ඔබව.../

කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා 
පේනව ඒ සේරම කලේ අපේ හොඳට යි කියලා 
කොයි ලෝකෙක හිටිය ත් ඔබ අප හැමගෙන් මිදිලා 
තාත්තෙ ඔබේ පිහිට අදත් තියේ අපට ලැබිලා ..

තාත්තා මට ඇනපු ටොක්ක.../

එදා මට පෙනුණෙ ඔබව...//