තරුවක් කරන්න මාව බොහෝ වෙහෙසුණුtharuwak karanna maawa bohoo wehesunu

Tharuwak Karanna Mawa

ගී පද

තරුවක් කරන්න මාව බොහෝ වෙහෙසුණු 
වරුවක් ගියේ නෑ මාව නොමරා මැරූ 
කොතෙකුත් කතා කවුරුත් කියලා හිනැහුණූ 
මගෙ හීන බොඳ වීලා මග වැරදුණූ

හැමදාම රැකගන්න සිහිනෙන් පැතූ 
ආදරය රවටන්න නෑ මං සිතූ//

කාන්සියෙන් ජීවිතේ නුබයි මට නොලැබුණු 
මහන්සියෙන් ගොඩනැගූ ජීවිතේ නැතිවුණූ 
හාත්පසින් වෙනස්වුණූ වෙන්වීමයි හිමිවුණූ
මාත් දුකින් තාමත් වැලපෙණූ ඒ සුදූ 

හැමදාම රැකගන්න සිහිනෙන් පැතූ 
ආදරය රවටන්න නෑ මං සිතූ //

පාඩුවෙන් මං උන්නු සැනසීමයි නැතිවුණූ 
ආදරෙන් නුබෙ වූණු එකමයි මට වැරදුණු 
සෙනෙහසින් අපි ගෙවපු කාලයයි මියැදුණූ 
යළිත් නොවන්නට ආසිරි පත්නෙමූ මගෙ සුදූ

තරුවක් කරන්න මාව......//