තරුණ නෙත් ජය මංගලේtharuna neth jaya mangalee

Tharuna Neth Jaya Mangale

ගී පද

(හෝ... තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙනදෙයි මීවිතේ...//)

(දිනිඳු බැස යයි තරිඳු ලඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා...//)

හෝ... තරුණ නෙත් ජය මංගලේ....//

(සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතර විල් ජලය කළඹයි
මෙයද අපගේ ආදරේ...//)

හෝ... තරුණ නෙත් ජය මංගලේ....//