තාරුකා නිවා දුර ඈත තනි වෙලාthaarukaa niwaa dhura aetha thani welaa

Tharuka Niwa Dura

ගී පද

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව් ‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව් ‍යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව් ‍යාංගනා
ළං වී ඉඳින්න දිව් ‍යාංගනා

සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව් ‍යාංගනා
වෙන්වී නොයන්න දිව් ‍යාංගනා

තාරුකා නිවා...

දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව් ‍යාංගනා
තුරුලේ නිදන්න දිව් ‍යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව් ‍යාංගනා
ළං වී ඉඳින්න දිව් ‍යාංගනා //