තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේtharuyaayee aethin aethata dhidhulana rantharu yuwalak see

Tharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se

ගී පද

තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ
කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැදුනාවේ
හෙට දුක් සෝ කඳුලැලි නොදකින ලොවකට අප නෙත් යොමුවේවා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා

යන එන හැමතැන සෙවනැලි විලසේ
කිසි මොහොතක හෝ ....
කිසි මොහොතක හෝ වෙන් නොමවේවා
ඒ මඟද එකටයි යන්නේ සෙනෙහේ පුදා
සෙනෙහේ පුදා ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා

තරුයායේ ඈතින් ඈතට ....

ඔබ අප අතරට  කිසියම් දිනයක
නොපැතූ ලෙසකින් හෝ ....
 නොපැතූ ලෙසකින් මරු ලන් විනි නම්
ඒ මඟද එකටයි යන්නේ සෙනෙහේ පුදා
සෙනෙහේ පුදා ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා

තරුයායේ ඈතින් ඈතට ....