ගී පද
තරු වගේ දිලීලා අපි කියනවා බයිලා
රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා
මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ
බොරු කොපි දෙන්නම් කිරි ටොපි
බයිලා නටලා වෙන්න හැපි......//
ගෝල්ඩ් මෙඩල් දිනලා අපි බයිලා සක්වලේ
මල්ලි අල්ලගන්තේ අපි අද බලේ
කිසිකෙනෙකුට වරදක් අපි නැහැ කළේ
අපි කාගෙත් හදවත් දඹ රන් වගේ දිලේ
අලි කොටි වග වලසුන් ගැන දන්නවා
එයාලට දෙන මන්තර ළඟ තියෙනවා
සුදු කොඩි දාගෙන සාමය රකිනවා
කලි යුග කාලෙට රජ වැඩ නිතර කරනවා.......
තරු වගේ දිලීලා...../
අපේ නාමය ඉතිහාසයේ රැඳෙන්න
අනේ පෘතුගාලෙත් අපේ පිළිම හැදෙන්න
කියනවා කපිරිඤ්ඤා ඔහේලා අහන්න
ඇඟපත දිගඇරලා හොඳට නටන්න
ඉරිසියාව හිත ඇතුලෙන් පන්නලා
කොයි කාටත් හිත හොඳකම පෙන්නලා
හිටියෝතින් හැම නිතරම හිනැහිලා
උඩ ඉන්නා දෙයියොත් රැක ගන්නවා බලා......
තරු වගේ දිලීලා......//