තරු නිවා දමාtharu niwaa dhamaa

Tharu Niwaa Dama

ගී පද

තරු නිවා දමා සඳ සිසිල සොයා
සැනසෙන්නට මං ආවා
සිත පුරුදු තැනක් කල් ගෙවී ගියත්
තනි වී ඉන්නට සිතුනා
හඳවත පතුලේ සදා
මගේ පාසල ලඟට වෙලා 
ජීවිතේ තිබෙන තුරා 
මම යන් නෑ දුරස් වෙලා.....

පන්තිය පාළුයි කව්රුත් නෑ අද
අදුරු වැටි හිත හඩවනවා 
මැවී මැවී ඒ සොදුරු අතීතයේ
සිනා හඩින් මා පුබුදුවනවා

දඟ වැඩ සිහි වී කඳුළු නැගෙනවා 
කවුරුන්දෝ මා ලග ඉන්නේ
දුර ඉගිලී ගිය යහලුවනේ අද
කවදද යලි අපි හමුවන්නේ.....