තරු හිනැහෙන තුරුtharu hinaehena thuru

Tharu Hinahena Thuru

සංගීතය:
රබර් බෑන්ඩ්rabar baend
පද රචනය:
ශෝබා පීරිස්shoobaa piiris

ගී පද

තරු හිනැහෙන තුරු සඳ පායන තුරු
හෙට හිරු එන තුරු ළඟ ඉන්නම්
හිරු බැස යන තුරු යළි හිරු එනතුරු 
මම ඔබ නිරතුරු සුරකින්නම්....

දුක සැප දෙකෙහිම ළඟ ඉන්නම්
නෙත් දෙක වාගේ රැකගන්නම්
සැමදා මා ඔබ පණ සේ සුරකින්නම්
දුරලා සංකා ඔබගේ දිවියේ
සැමදා ඔබ හා මම ඉන්නම්
පිසදා කඳුලැල් ඔබගේ දෙනෙතේ
සැමදා ඔබ හා මම ඉන්නම්........

නෙතු පියවන තුරු යළි උපදින තුරු
සසර වසන තුරු මා ඔබේ වෙන්නම්
දුරලා ඝනඳුරු පරදා සමුදුරු
පිවිතුරු සෙනෙහෙ පුද දෙන්නම්......

දුක සැප දෙකෙහිම........