තරු එළියේ ඔබ හා මාtharu eliyee oba haa maa

Tharu Eliye Oba Ha Ma

ගී පද

තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

සීතල පින්නට මගෙ හිස තෙමුනා
ඈතින් ඈතට මගෙ සිත යැවුනා
පුළුන් රොදක් සේ මගෙ සිත මට දැනුනා
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

වෙහෙස නිවා ඝන අඳරේ
සිසිල සදා තරු එළියේ
පියමැනලා මල් ගොමුවේ
ඔබ දුටුදා මතක තියේ 
ජීවිත කාලය ඔහු වෙත පිදුනා
ආදර චන්දන සුවඳින් පිරුනා
පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා

තරු එළියේ ....