තරු ඇස් දහසක්tharu aes dhahasak

Tharu As Dahasak

ගී පද

තරු ඇස් දහසක් //
මුළු රෑ තිස්සෙම
සෙව්වේ එකම සඳයි
මේ නෙතු යුග හැමදාමත් සෙව්වේ
නුඹේ වත නමැති සඳයි

නුඹ එන මඟ මා බලා ඉන්නවා දැකලා
සුදුපෙති රතු වෙනකල් හැඩු නෙළුමක්
සඳ එනවිට කොඳ මලකට වහන් වුනා

තරු ඇස් ......

නුඹ කිසිදින මා සොයා නේන වග දැනිලා
ලෝකෙට මා හංගන තව කඳුළක්
හිත පතුලෙම ලේ විලටම පතිත වුනා

තරු ඇස් ......