තරු අරුන්දතීtharu arundhathii

Tharu Arundathi

සංගීතය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් නඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
(කොහි ගියේද මට සිතුණා...////)