තරහින්දෝ (ඇයි කඳුළු සලන්නේ)tharahindhoo (aeyi kandulu salannee)

Tharahindo (Ey Kandulu Salanne)

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
ඩෙන්සිල් නුගේගොඩdensil nugeegoda

ගී පද

ඇයි කඳුළු සලන්නේ පෙම් සිනහා නොදෙන්නේ
රතු මුහුණ කියන්නේ තරහින්දෝ තරහින්දෝ
තරහින්දෝ තරහින්දෝ
නෙතු පියාන ඉන්නේ යළි හොරෙන් බලන්නේ
මගේ හිතම පෙලන්නේ තරහින්දෝ තරහින්දෝ
තරහින්දෝ තරහින්දෝ.......

තරු මුතු පිනි කැට විලසේ ඒ වගේ කඳුළැලි දිලිසේ
සඳු නැති අහසක අඳුරේ සැඟවුණු මුහුණයි පෙනුනේ
ඇයි තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ......

බොළඳිය ආදර ළඳුනේ වැරදියි ඔබ ඔය සිතු දේ
සඳ වගේ හිනැහී අහසේ සැනසී ඉන්නකෝ පෙරසේ
ඇයි තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ......

ඇයි කඳුළු සලන්නේ......