තරහ වෙලා ඔයත් එකක්tharaha welaa oyath ekak

Tharaha Wela Oyath Ekka

ගී පද

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ
හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ
මිහිරි තෙපුල් නොඇසෙන විට මටමයි දුක හිතෙන්නෙ
ඒ හින්දයි හිත අතගා තුරුලට ගෙන සිඹින්නෙ //

දුක කියන්නෙ ඉකි ගසමින් මගේ ඇසුත් තෙමෙන්නේ
සෙනෙහස මගෙ අඩුවක් නැ ඔබ ගැනමයි සිතන්නේ
රිදෙව්වාට ඔය හදවත මමත් හිතින් හඩන්නේ
ඔයා වගේ කවුරුත් නෑ දුක සැප ලඟ ඉන්නේ //

පාළු දැනෙන හැම මොහොතෙම සිත ඔබමයි පතන්නේ
ඔබට වඩා මට වැඩියෙන් ඇයි මේ දුක දැනෙන්නේ
ඔබෙ උණුසුම අදටත් එදා වගෙයි දැනෙන්නේ
ඔයා වගේ කවුරුත් නෑ දුක සැප ලඟ ඉන්නේ //

තරහ වෙලා ඔයත් එකක් ....