ගී පද
(තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ...//)
කොපමණ තිබුනත් කල හොඳ නරකයි
යන කල ගෙනියන්නේ
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ
(සටනට වැදුනේ ලේ සෙලවූයේ
අපමණ දිවි නැසුවේ...//)
මිතුරන් නැතිවියේ සතුරන් ඇතිවියේ
(මොනවද ඔබ ලැබුවේ...//)
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ
(පුතු සැනසෙව්වද බිරිඳට සැනසුම
දුන්නද සැමියෙකු සේ...//)
ජීවිතයම ඔබෙ ඔබට බරක් විය
(තනිවුනි මෙලොව කුසේ...//)
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ
(එකම හදක් ඔබ සතුටු කලෙහි නම්
ඉන් නැත හිතට සුවේ...//)
එහෙම දෙයක් නැත ඔබට මැරෙන්නත්
(නිදහස නොමැත ලොවේ...//)
තනියම එන අපි....