ගී පද
තනි වෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැළපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි //
යුගයක සෙනෙහස සිතුවිල්ලක් සේ
සැඟවිනි මතකය අද රහසේ
පෙම් කළ සිතකට සාප නොකළ මැන
වෙන හිතකට පෙම් කළ දවසේ
තනි වෙන්න ඉඩ දෙන්න...
මැකුණු අතීතේ නටඹුන් අතරේ
මා තනි වූදා දිවි තකරේ
වසන්තයේ තුන්මංසල අභියස
ඔබ ඇත ඔහු සුළැගිළි අතරේ
තනි වෙන්න ඉඩ දෙන්න...