තනිකම ඇවිත්thanikama aewith

Thanikama Awith

සංගීතය:
ඉෂාන් සමීරishaan samiira
පද රචනය:
ශාන් එගොඩවත්තshaan egodawaththa

ගී පද

තනිකම ඇවිත් මෙන්න හිත ගාවට
මං ඉන්නේ හෙළවෙන්න බැරි ගානට...//
මා ගාව ඇලිය හිඳ උන් නුඹටම
(වෙහෙසක් වුණා මාව එකපාරට...//)

ඔබේ මතකයන් මගේ හිතම වට කරගෙන
බේරෙන්න බෑ කොහේ හැංඟෙන්නද...//
ඉන්න බෑ මේ වගේ දුක් කන්ද විඳගෙන
(මියැදිලා යන්නමයි හිතෙන්නේ නිතරම...)//

ඔබේ නමින් ජීවිතේ හැමදාම වෙන් වුණා
මොහොතකටවත් ඉතින් නැතුව නම් බැරි වුණා...
හීනයන්හී ඔයා ඇස් පුරා බොඳ වුණා
(හිත මගේ ඇත්තමයි දැනටමත් මියැදිලා...//)

තනිකම ඇවිත්...