තනිකඩයි තාම මංthanikadayi thaama man

Thanikadai Thama Man

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ 
අප හමුවීම සුසුමක් දුර ගියා 
නාඩන් කඳුල ආයේ නෑ මං පෙම් කරන්නේ 
තනිකම හරිම ලෙන්ගතු වෙලා 
හිත හදාගන්න තව බැරි උනා 
දෙලොවක් අතර මා තනිවුනා 

අප ලංවී හමු වී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් 
මා ආදරේයි රත්තරන් 
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් 
ඔබ නොමැති ලෝකේ පෙනුනා 
මා ආදරේයි රත්තරන්  

වියතක් දුරින් ඈතට නොයා 
හුන් අතීතයම වළලා යන්නට ගියා  
ඔබ තුටින් අද හිඳී නම්, කඳුළු මේ පිහිද ගන්නම් 
වෙන භවයක පතන්නම් ඔයා 
හිත හදාගන්න තව බැරි උනා 
දෙලොවක් අතර මා තනිවුනා 

අප ලංවී හමු වී ආ දුර ගමනේ.. /

කාටත් වඩා පෙම් කල ඔයා 
වෙනකෙක් හට පුදා මං ඈතට උනා 
ඔබ තුටින් අද හිඳී නම්, කඳුළු මේ පිහිද ගන්නම් 
වෙන භවයක පතන්නම් ඔයා 
හිත හදාගන්න තව බැරි උනා 
දෙලොවක් අතර මා තනිවුනා 

අප ලංවී හමු වී ආ දුර ගමනේ.. /