තනි වී උන්නනම් තුන්කල්ම මේ ජීවිතේthani wii unnanam thunkalma mee jiiwithee

Thani Wi Unnanam

ගී පද

තනි වී උන්නනම් තුන්කල්ම මේ ජීවිතේ
කාගේවත් නෑ හිත් රිදුම්
නුඹේ සතුටත් මාගේ
නුඹේ කඳුලත් මාගේ
හිමි වන්න නැතුවට වරම්
මට නුඹ හරී,හුස්මත් හරී
නිමවෙන තුරා සසර කවදා හරී
ආයෙත් හැරී එන්නට බැරී උන්නත්
කොතැන ඔබ ලොවේ.........

ගෙවෙන හැම මොහොතින් මොහොත මෙනේහී වෙවී
ජීවිතේ තනියෙන් හීනවල නිදමී
නුඹේ සතුටත් මාගේ
නුඹේ කඳුලත් මාගේ
හිමි වන්න නැතුවට වරම්
මට නුඹ හරී,හුස්මත් හරී
නිමවෙන තුරා සසර කවදා හරී
ආයෙත් හැරී එන්නට බැරී උන්නත්
කොතැන ඔබ ලොවේ.......

දෛව රේඛාවෙන් ගියත් අපි වෙන්වී
එදා දුටු දෑසින් අදත් ඔබ දකිමී
නුඹේ සතුටත් මාගේ
නුඹේ කඳුලත් මාගේ
හිමි වන්න නැතුවට වරම්....

තනිවී උන්නනම් තුන්කල්ම මේ ජීවිතේ.......
කාගේවත් නෑ හිත් රිදුම්....
නුඹේ සතුටත් මාගේ.....
නුඹේ කඳුලත් මාගේ.....
හිමි වන්න නැතුවට වරම්
මට නුඹ හරී,හුස්මත් හරී
නිමවෙන තුරා සසර කවදා හරී
ආයෙත් හැරී එන්නට බැරී උන්නත්
කොතැන ඔබ ලොවේ.........