තනිවී සිටින්නයි මා අදහස් කලේthaniwii sitinnayi maa adhahas kalee

Thani Wee Sitinnai Ma Adahas Kale

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකලේ

මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නවා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටිනයි මා...//

ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...

තනිවී සිටින්නයි මා...//