තනි වී බලන් ඉන්නවාthani wii balan innawaa

Thani Vi Balan Innawa

සංගීතය:
යසස් මැදගෙදරyasas maedhagedhara
පද රචනය:
සජිත් අක්මීමණsajith akmiimana

ගී පද

තනි වී බලන් ඉන්නවා මා සදාකල් ඔබ ආයේ ඒවි කියා
වෙන් වී ගියා නම් දුකක් නෑ හිතේවත් අපි වෙන් කළානේ එදා
මා ඇස් පියාගන්නෑ සදා මතුදා ඔබේ තුරුලේ තමා
දිවුරාලා කියනවා මෙමා 
පෙර භවෙක පව්කම් අපි වෙන් කළා දැන් දෙතැනකට වී හඬනවා 
මේ ආත්මයේ මං කළ පිනක මහිමෙන් යළි මටම හමුවෙයි ඔයා.......

නිර්මල අපේ පෙම් රජිතේම හැමදේම අළු වෙලා
ඔබේ දෑත තහනම් වෙලා පෙර සේම ආයේ
අපි ඇවිද යන්නේ කවදාද අත් පටලලා
මා ඇස් පියාගන්නෑ සදා මතුදා ඔබේ තුරුලේ තමා
දිවුරාලා කියනවා මෙමා 
පෙර භවෙක පව්කම් අපි වෙන් කළා දැන් දෙතැනකට වී හඬනවා 
මේ ආත්මයේ මං කළ පිනක මහිමෙන් යළි මටම හමුවෙයි ඔයා.......

අපි අපිට සැමදා ආදරය කළ නිසා 
වෙන් වෙන්නේ නෑ කිසිමදා
පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ 
ඔබ මගේ සැම දේ නිසා