තංගල්ලේ සිරමැදිරියේthangallee siramaedhiriyee

Thangalle Siramadiriye

ගී පද

තංගල්ලේ සිරමැදිරියේ මල් මිලාන වන්න 
සියුමැලි සිත් ලඟ දැවටුනු සිහින මාලිග 
පාප මිතුරො ගිලගත් යෞවන වසන්තය 
(මිරිඟුවකට පරව ගියා හිරිමල් කැකුල...//)

දෙමාපියන් දරුවො පැතුවෙ කඳුලු පිසින්න 
සංසාරේ උරුමය සිර කුටියක සෙවන
පැතූ සිහින බොඳ කලාට කඳුලු කැට වල 
(අම්මේ රැය ගෙව්වේ නෙත් යුග නොනිදාම...//)

තංගල්ලේ සිරමැදිරියේ....

සමනලියක සෙනෙහෙ හදට අහිමි උනාට 
සිතට දුකක් නෑ පූරුවේ කල පාපයට 
බත් දෙකටක් කන්නට පෝලිමේ උන්නම 
(කඳුලු ඉනුවෙ ගෙදර මතක් වෙලා දෙනෙතට...//)  
 
තංගල්ලේ සිරමැදිරියේ....