තාමත් රිද්දනthaamath ridhdhana

Thamath Riddana

සංගීතය:
කසුන් ප්‍රිමාල්kasun primaal
පද රචනය:
කසුන් ප්‍රිමාල්kasun primaal

ගී පද

තාමත් රිද්දන අසරණ දෑසට කඳුළක් ඇවිදින් රිංගා 
නොඑනා ලෙස ඔබ ඈතට ගිය බව රහසක් තරමින් කිව්වා
බොරුවක් නොකියන මුවඟින් ලොවටම ඔබ ගැන කියමින්
පැතුමන් පැතු හිත මෙතරම් දුක් වන බව නොදනී ඔබ නම්.......

සතුටින් අත්වැල් බැඳලා හෙවණැල්ලම මෙන් ඉඳලා
මගේ හිත සුවපත් කරලා පණ මෙන් ඉන්නෙමි කියලා
කුණාටුවක අවතැන් කරලා පලා ගියා හිත රවටාලා
බොරුවක් නොකියන මුවඟින් ලොවටම ඔබ ගැන කියමින්
පැතුමන් පැතු හිත මෙතරම් දුක් වන බව නොදනී ඔබ නම්.......

දුප්පත් දෑතම දැකලා පිටුපා ගියමුත් නොබලා
මගේ හිත දෙනවද ඉල්ලා හැකිනම් මුදලට සොයලා
අනාථ වූණු මහ ජීවිතයෙන් පැතුම් පුරමි ඉනු මැන සතුටින්......

තාමත් රිද්දන.......