තාම තරුණයි රාත්‍රිය මනරම්thaama tharunayi raathriya manaram

Thama Tharunai Rathriya Manaram

ගී පද

තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟාවෙනු මැන සරා සඳ සමගින්
සීත කඳුලක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

ලොවම සැතපෙයි අඳුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්
ලොවම අඳුරුයි අඳුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි

තාම තරුණයි රාත්‍රිය මනරම්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපළු පලසට පානගන් විගසින් 
කුමුදු පරවෙයි පවන රළු වෙයි
ළපළු යහනේ විරාමය කඳුළයි 

 තාම තරුණයි ....