තැලී පරවුණු මලthaelii parawunu mala

Thali Parawunu Mala

ගී පද

තැලී පරවුණු මල 
වරද නුඹ අත නොවෙයි මා අත
තැලී පරවුණු මලක වතගොත 
දැනුයි දන්නේ නුඹේ හැඩතල.......

සලෙළු නෙත්සර තුඩට බියවන
රැයේ නගරය පුරා යන එන
උමතු රතියෙන් යහන් ගතවන
නුඹට රන්මසු පමණි සැනසුම.......

තැලී පරවුණු මල........

උනා සළුපිලි විදා කෙහෙරල
මුදාහල රණ තිසරු පොරකන
හලාහල විස පිරුණු මධුවිත
නුඹට රන්මසු පමණි සැනසුම.......

තැලී පරවුණු මල........