තාලෙට බනින්නෙපාthaaleta baninnepaa

Thaleta Banin Epa

සංගීතය:
දෙනුවන් කෞෂකdhenuwan kaushaka
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

රැස් කරනා සැප සම්පත් හැරදා 
දවසක වැලලෙන්නට වෙනවා 
මිය යන ජීවිතේ ස්වභාව එයයී.. හේ 
දුප්පත් වී ඉපදුනු හින්දා 
පෝසත් නුඹේ අත මට මග හැරුනා 
මුදලට මේ රටේ සියල්ල යටයී.. හේ 

මම ඇති තැන මූණට හිනා වෙලා 
මම නැති තැන තාලෙට බනින්නෙපා.. හේ 
(මේ ලෝකේ කොහේ හරී  
මට ඔබින කෙනෙක් ඇතී 
එය ලැබෙන තුරා යළී 
ආදරය අනේ ඇතී)//

මුණ ගැහුනද ලස්සන සුරංගනාවන් නිතර 
සරලව කිව්‍වෝතින් මට ඔබ විතරයි ප්‍රමුඛ  
සුදු මුහුණක් තිබුනට පල නෑ 
හිත යට කළු පුරවාලා 
දවසක අපි හැමෝම පොළවට පස් වෙනවා 

මම ඇති තැන මූණට....

ඔව් මං හරි බොළඳයි ඔබ හිතනවටත් වැඩිය 
ඒ  මගෙ හද පත්ලෙන් ආදරෙ කරනා විදිහ 
විඳවීමයි  අහිමිව යෑමයි අඩුවක් නෑ පෙර ඉඳලා 
මම ඔබගෙන් සමු අරගන්නම් හිස සිඹලා 

මම ඇති තැන මූණට....