තහනම් හඬන්නටthahanam handannata

Thahanam Handannata

සංගීතය:
නිර්මල හේරත්nirmala heerath
පද රචනය:
නිර්මල හේරත්nirmala heerath

ගී පද

තහනම් හඬන්නට තහනම් 
තහනම් හෙලන්නට සුසුමන්
ඇවිදින් මගේ ළඟ දැවටී යළිත්
උණුසුම විඳින්නට තහනම්........

හන්තාන සෙවණේ මුදු සීත ගෙනැවිත්
ඔබ මාව සිර කර තබයි
හැරදා පලා ගිය යෞවනය ගෙනැවිත්
නුඹ මා ළඟින් සතපවයි.........

මා නුඹගේමැයි නුඹ මාගේමැයි
කොඳුරා සෙමින් තුරුළු වෙයි......

තහනම් හඬන්නට........

මේ සොඳුරු උයනේ කල්ගෙවුණු බෝ තැන්
නුඹ කොයිද විමසනු ඇසෙයි 
දුක් විත්ති අතරින් හසරැලි සුසුම් කඳුළු
යළි මතක මල් දම් ගොතයි
ගෙවු කාලයේ මිහිරත් අරන් 
මා ළඟම තනියට හිඳියි........

තහනම් හඬන්නට........