ටක් ගානවා ටික් ගානවාtak gaanawaa tik gaanawaa

Tak Ganawa Tik Ganawa

ගී පද

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා 
හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හපනවා 
අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ...

ජැන්ඩි පහට සරම ඇඳලා ඉනවට හවඩියක් බැඳලා 
පුංචි අපට ආස හිතෙන ඉස්සර රජ කතා කියලා 
ගෙයි පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදන්...

පෝය දාට සිල් අරගෙන තිස්සෙම බණ පද අහන්න 
රෑට රෑට දොං දොමිකිට පුංචි රබන් පද කියන්න 
ගෙයි පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදන්...