ශ්වේත මීදුම් ඉරාshweetha miidhum iraa

Swetha Midum Ira

ගී පද

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

රළු පොලව මතින් බිදෙනා විඩාබර දිගු ගමනේ
මෘදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිදෝ චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

සඳ නිවී ගිය රාත් ‍රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී