ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්swarna wimaaneta ehaa lookayen

Swarna Wimaaneta Eha Lokayen

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
මඩවල S රත්නායකmadawala s rathnaayaka

ගී පද

චිත්‍රපටය: ගැටවරයෝ (1964)

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවට ගොඩවී මා එනවා
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට
නළ රැලි මත නැඟිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

(රැල්ලේ පාවී වැල්ලේ බිහිවන
සංගීතෙන් අප හමුවෙනවා...//)
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සාගර ජල කඳ නැලැවෙනවා....

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්....

(මුතු බෙලි කටුකිරි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා...//)
මගේ අනාගත පැතුම් විමානෙට
මගේ අනාගත පැතුම් විමානෙට
සෙනෙහස පොදි බැඳ ගෙන එනවා....

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්....