සුවඳකින් හිත පුරාsuwandakin hitha puraa

Suwandakin Hitha Pura

සංගීතය:
උපයංග ශ්‍රී වික්‍රමසිංහupayanga shrii wikramasinha
පද රචනය:
උපයංග ශ්‍රී වික්‍රමසිංහupayanga shrii wikramasinha

ගී පද

සුවඳකින් හිත පුරා පිරිච්ච ස්නේහයේ හැඟුම්
වදනකින් බෑ කියාගන්න දෙනෙත් ළඟින්
හුස්මකින් ළං වුණත් හුරුකමින් භවෙක් භවේ
උරුමයක් නෑ සෙනේ මේ භවේ අප කෙරේ.......

ඉවසනා හීන කල්පනා විඳවනා තරම් 
දන්නවා නම් ඔයා ඉතින් මේ හිතේ හැඟුම්
සිත ඔබේ ළඟම නවතලා දුරින් ඉඳන් බලා
නොහැඟෙනා සේ හිඳින්නේ මා දෛවයයි සිතා......

සුවඳකින් හිත.......

දුර ගෙවා ඔයත් ගිහින් හිතේ දහස් නෙතු ගෙවා
නවතින්න හිතට සිත් වුණේ ඔය දෙනෙත් තමා
ළංවෙන්න දෙන්නේ නෑ සදා පැතුමකින් පවා
පෙම් සිත නුරා ඉමි තදින් අන්සතුයි මෙමා......

සුවඳකින් හිත.......