සුවඳයි මුවේsuwandayi muwee

Suwandai Muwe

ගී පද

සුවඳයි මුවේ මල් පැණි 
නෙතලින් හැලේ නිල්මිණි
මා ජීවිතේ පණ වැනි 
නැළවෙන් දුවේ රෝෂිණී......

අම්මා නුඹේ කිරට ගියා 
කිරි එනවා එන්ට ගියා
කිරි මුට්ටිය ගගේ ගියා 
ගඟට උඩින් කොක්කු ගියා.....

ඔන්න බබෝ ඇතින්නියා  
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා 
බබුට බයේ දුවන්නියා.....

අතට වෙරළු ඇහිදගෙනේ 
ඉනට පලා නෙළාගෙනේ
බරටම දර කඩාගෙනේ 
එයි අම්මා විගසකිනේ......