ගී පද
සුවඳ තැවැරූ හාදුවක්
සුලඟෙ පාවෙයි ගීතයක්
දෑසෙ බොඳවූ හීනයක්
මතක පාරන ප්‍රේමයක්.....
ඔබ
සුවඳ තැවැරූ හාදුවක් //
අහස පෙම්බැඳි තුෂර
බිඳුවක්
දරණු බැරිවයි බිමට වැටුණේ
ඇරඹුමක් යළි දකිනු කෙලෙසේ
ඔබයි මාසිත මිලින කෙරුවේ
සුවඳ තැවැරූ හාදුවක් …….
වරා මල් විසිරී ගියාදෙන්
ගංදෑල දිග කෙළවරේ
නතර වී හිඳ බලා උන්නට
වැරදි මා මිස නුඹ නොවේ....
සුවඳ තැවැරූ හාදුවක්
සුලඟෙ පාවෙයි ගීතයක්
දෑසෙ බොඳවූ හීනයක්
මතක පාරන ප්‍රේමයක්.....
ඔබ
සුවඳ තැවැරූ හාදුවක්….. සුවඳ තැවැරූ හාදුවක් …….