සුවඳ පද්ම (පිඹුර)suwanda padhma (pimbura)

Suwanda Padma (Pimbura)

ගී පද

(සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී...//)
(සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී…//)
සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී

(වතුර නාන නේක් දනෝ...//)
පැමිණ නාති ග්‍රීස්මයන්ට
(මමද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ...//)

සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී

(පෙනෙන ථූප මේ පුරේ...//)
වඳිති ඊට දීප වාසි
(රකිති ධර්ම ශාක්‍ය වංශ 
මුනිදු දේශනා ලෙසේ...//)

(සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී...//)
(සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී…//)
සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී