ගී පද
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මදනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා
සීත පිණි වදුල සඳ වත
මෝදුවී නිශා නුඹ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දළ පෙති
කොපුල් තලාවා
සුවඳ මල් ....
අරුණු දොරකොඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරවා
නොබා කරළියට දිවයන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා