සුවඳ දැනී දැනෙනවාsuwanda dhaenii dhaenenawaa

Suwanda Dani Danenawa

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි සුළඟේ හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා

ඊයේ නොදුටූව ලස්සන ලෝකය අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා

රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ...
ඔච්චම් කර කර හංකිති කවන ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ
බලා හිඳිමි ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනී දැනී...