ගී පද
චිත්‍රපටය: ජනක සහ මංජු (1978)
(සුවඳක් දැනේවි හදෙහි ආදර ලෝකේ හා හා...
කුමරෙක් ඇවිදින් සිටීවි, කුමරී කොහේද මා හා...//)
කුමර චංචල කාලේ
බඹර කිංකිනි නාදේ
මාගේ වස්දඬු ගී රාවේ
ගීත රැල්ලයි නාදේ රැව්දෙයි
මහද කුල්මත් වෙයි
සුවඳක් දැනේවි....//
ලාලිත සෙල්ලම් වයසේ
තරුණ යෞවන අහසේ
පාට දේදුනු පායලා
දෑත රන්වන් සීත මල් දම් දෑසේ රැව් දීලා
සුවඳක් දැනේවි....//
කුමර චංචල කාලේ....
සුවඳක් දැනේවි හදෙහි ආදර ලෝකේ හා හා...
කුමරෙක් ඇවිදින් සිටීවි, කුමරී කොහේද මා හා...