ගී පද
සුවද පද්ම ඕලු ආදි
නොයෙක පුෂ්පයෙන් සෑදි
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී
වතුර නාන නෙක දනෝ
පැමිණ නාති ග් රීෂ්ම යන්ට
මම ද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ
පෙනෙන තූප මේ පුරේ
වදිති ඊට දීප වාසි
රකිති ධර්ම සාක් ය වංස
මුනිදු දේශනා ලෙසේ
නාට් ය - දුටු ගැමුණු