ගී පද
සුවඳ මලක සුවඳ පොදක්
වෙන්න බැරිව ලතවී.....
සුවඳ දුන්නු නබේ සිතට
ගින්දර දී සැගවී......
දැවෙන නුබේ සිත් මල ලඟ
සිනා සිසී රඟදී.....
අහිමිව ගිය නුඹ ගැන දුක
දැනුනා සුදු නංගී.....
ආදරේට නංගි නුඹ
මට ඔවදන් දුන්නා.....
නුඹේ බහට අවනත නෝ
මා ගැන නුඹ තැවුනා...
නුඹේ සිතට දුක උපදින
හීන හිතින් මැවුවා....
නුබට දුන්නු දුකම ඇවිත්
මා වටකර දැවුණා....
ප් රාර්තණා හීන මවා
නුඹ කදුලැලි බිවා....
සමාවෙන්න කියන්න බැරි
තරමට දුක දුන්නා....
ඒත් නුඹේ හද පතුලෙන්
සමාව මට දුන්නා....
සුදු නංගි මගේ වෙන්න
පිං කරාද මන්දා....
සුවද මලක සුවද පොදක්....//