සුසුමින් ලය පිරුණුsusumin laya pirunu

Susumin Laya Pirunu

ගී පද

සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ 
ආදරි නුඹම තමයි රත්තරනේ 
දෙතොලින් මුව සැරසූ තුරුලේ මා සැනසූ 
දෙව්දුව නුඹ නෑ දැන් මුතු පලසේ 
මල සේ ඇඳිලා රූ චායා 
සිහිනේ රැඳිලා ඉමු පායා 

සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ 
ආදරි නුඹම තමයි රත්තරනේ 

(නිම් නොවනා දුකක් මා සිත තියලා 
ලං නොවෙනා දුරක් නුඹ පා නගලා)..//
ඉවසනු බෑ තවත් හද හඬවා 
මතකය ආයෙමත් වද දෙනවා  

සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ 
ආදරි නුඹම තමයි රත්තරනේ 

(පෙම් සිනහා නුවන් නෑ සිත මැකිලා 
ඇයි හැරදා තවත් දෑඟිලි පටලා)..//
ලඟ උන් ආදරේ ඇත බිඳිලා 
පවසනු බෑ තවත් එනු කියලා 

සුසුමින් ලය පිරුණු....

සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ 
ආදරි නුඹම තමයි රත්තරනේ