ගී පද
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා
වැරදි ලොවේ අප ආ නිසා
දෛවේ දුන්නේ මේ වේදනා
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා....
නෑ වරම් ළංවී හිඳින්නට
ප්‍රාර්ථනා කෝ මෙදා
මේ මොහොත පමණී ලැබෙන්නේ
නාඩනූ ඒ නිසා..
මා නැති හෙට දා සුව දේ සැප වේ
නෑ මාගෙන් චෝදනා..
නෑ මාගෙන් චෝදනා..
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා....
කාට දෝ දුන් වේදනා දෝ
ඈත සංසාරයේ
මා හඹාගෙන මේ ලෙස ආවේ
පාළු වී ජීවිතේ...
බෝ දුර එක් වී ආවට වෙන් වී
යා යුතුයි මේ ලෙසේ...
යා යුතුයි මේ ලෙසේ...
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා....