සුසුමක උණුසුම නොමවිදි හදකටsusumaka unusuma nomawidhi hadhakata

Susumaka Unusuma Noma Widi Hadakata

ගී පද

සුසුමක උණුසුම නොමවිදි හදකට
සුසුමක් වුනේ ඔබයි
කඳුළක සිසිලස නොහැගුනු නෙතකට
කඳුළක් වුනේ ඔබයි

මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව
හෙලි කල දෙනෙත ඔබයි

හදවත පිරිමැද සිතිවිලි පොබ කල
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැගෙන සිත තුල ගාළුවන
නොපිපෙන පැතුම ඔබයි