සුසුමක දැවටිලා (නිරාශා ටෙලි නාට්‍ය තේමා ගීතය)susumaka dhaewatilaa (niraashaa teli naatya theemaa giithaya)

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

සංගීතය:
දිල්ෂාන් ලියනපතිරණdhilshaan liyanapathirana
පද රචනය:
දිල්ශාන් පතිරත්නdhilshaan pathirathna

ගී පද

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා 
මතකේ ඔබෙ ආදරය තිබුණා 
තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුරා 
රහසේ පැතු ආදරය සැමදා 

සංසාර සිහිනයක මා
සිත සරතැස නිවා මදහස දැල්වුනා 
දැනුනා ඔබෙ ආදරය දැනුනා 
හැම හුස්මක පවා 

සීත සෘතුවේ මල් හීන වෑහුනේ 
සඳ සිසිල අපටම නිසා 
ආදරේට පාට ගේන මා සිඳංගනා 
හිනැහෙන්න දෙනුවන් අයා

උණුහුමට හිත පිරුණු මගෙ ආදරේ 
ඔබෙ නමටමයි හිමි ප්‍රියේ 
මට දෙන්න මියුලැසියෙ ඒ ආදරේ 
විකසිත වෙන්න මුළු ජීවිතේ 

ස්නේහ නිම් තෙරේ සිත ආදරෙන් පිරේ 
සුහදිනිය ඔබ ළඟ නිසා 
පාරමී පුරා ගෙනාව ප්‍රේම කල්පනා 
කොඳුරන්න මට ලං වෙලා 

ඔබ ඉන්න සඳවතියෙ නොනිදා හදේ 
සිහිලැල් හැඟුම් සයනයේ 
විඳගන්න ඉඩදෙන්න ඒ ආදරේ 
පැතු සේම සංසාරයේ

සිත සරතැස නිවා මදහස දැල්වුණා 
පායා සඳ අහසේම දිලුනා 
ගනඳුර සේදුනා තරු මිණි දැල්වුණා 
දැනුනා ඔබෙ ආදරය දැනුනා 
හැම හුස්මක පවා