සුසුම් පොදක් වීsusum podhak wii

Susum Podak Wee

ගී පද

සුසුම් පොදක් වී... හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය... ගෙන ගියේ මට නොකියා
මගේ ස‍රා සද හදේ සුවද ගෙන...  නුඹ කොයිදැයි සිතුනා....
හො හෝ හෝ හෝ......... හො හෝ හෝ හෝ.........
 
මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ ‍සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් - නෙත් කදුළු...

සුසුම් පොදක් වී.../

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු සිතින් නොවේ - මට අස්වැසුම්...

සුසුම් පොදක් වී.../