ගී පද
සුසුම් පොදක් නැවතිලා
කඳුළු ගඟක කිමිදිලා
බලා සිටිනවා
සුසුම් සලනවා
මුමුනමින් සෙමින් ගැයූ
සැමදෙසින් රැවුම් ලැබූ
අප නිතින් රකිමි කියූ
අපේ ආදරේ
සුසුම් පොදක් ....
ලැම මතින්ම මුව තියා
නොවෙනස් වෙමු අපි කියා
සෙල් ලිපියක් සේ ලියූ
අපේ ආදරේ
සුසුම් පොදක් ....