සුසුදු සුදු හංස විලේsusudhu sudhu hansa wilee

Susudu Sudu Hansa Wile

ගී පද

සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ

කොපුල් තල යහනතේ
සුසුම් සඳ ඉවුරේ
කොඳුර කොඳුරා තනි රකිමී //
මා මන්දෝදරියේ

උකුල් තල මිටියාවතේ
පිපෙන පියුම් මඬලේ
සිතුසේ සැනහී වැතිරගමී //
මා මන්දෝදරියේ

සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ